අනුරාධපුර රාජධානියේ කලන්කුට්ටිය ගම පියසේ සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
කලා වැව ආසන්නයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි අධිකාරී මැතිතුමාගේ ආරාධනාවෙන් කලοකුට්ටිය මහා විද්‍යාලය 1984 ජනවාරි 22 වන දින ආරම්භ කරන ලදී. අක්කර 10ක භූමියක මහවැලි සංවර්ධන මණ්ඩලය මගින් ඉදී කර ඈති ගොඩනැගිලි 15 ක් මේ සමග ඇත.මිට යාබදව දනට පවත්වාගෙන යන කනිෂ්ට විද්යාලය ද මෙම ගොඩනැගිලි වලට ගෙන ඒමට ද අනුරාධපුර අධ්‍යක්ෂක තුමාගේ යෝජනාවක් පරිදි සිදු විය. එසේ සිදු කිරීමෙන් ලමුන් 475 ක් ලමුන් සිටින පාසලක් බවට මෙය පත විය.
H.D ප්‍රේමතිලක මහතා පළමු විදුහල්පතිවරයා ලෙස 1984-01-23 වන දින පාසලේ ආර්ම්බය සටහන් කරන ලදී.ආරම්භක ගුරුවරයා වනුයේ ඩී .එම්.එස් කුමාරිහාමි මිය වේ .මුල් ගොඩනැගිලි සoකයාව 15කි.පාසැල රජයට පවරා ගත් දිනය වනුයේ 984.01.22 වේ.ප්‍රථම ශිෂ්‍යයාගේ නම වනුයේ ඩබ්ලිව් නන්ද්සිරි වේ.ප්‍රථම ශිෂයාවගේ නම ඩී .එම් ශ්‍රියානි වේ .ප්‍රථම ශිෂයාව පාසලට පැමිනි දිනය වනුයේ 1984.01.26 වන දිනයි.
ලගම පාසැල හොදම පාසැල යටතේ 2017 වර්ෂයේ දී අප පාසලට තාක්ෂණ හා උපදේශන ගොඩනැගිලි ලබා දෙන ලදී,
.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 34ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3කින් සමන්විතය. පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "දරුවන්ගේ සැගවුණු විභව්‍යතා ඔපවත් කිරීම තුලින් අභිමානවත් සිසු පරපුරක් බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1984-01-23 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
D.M.S කුමාරිහාමි මිය |
|
පාසලේ ආදි කතෘගේ නම |
H.D ප්‍රේමතිලක මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
15 |
|
පාසලේ නම |
කලοකුට්ටිය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
H.D ප්‍රේමතිලක මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1984-01-23 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කලοකුට්ටිය ගම්මානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩබ්ලිව් නන්ද්සිරි |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ඩී .එම් ශ්‍රියානි |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1984-01-26 |
{QF3=5}